මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ අලෙවි කළ ඖෂධවේදියා අත්අඩංගුවට

මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ අළෙවි කළ ඖෂධවේදියා විසින් රුපියල් විදෙදහසක් වටිනා පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධයක් රුපියල් විසිඑක්දහසක මුදලකට අළෙවි කරන අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අදාළ ඖෂධවේදියා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කියයි.

සැකකරු විසින් අළෙවි කර ඇත්තේ රෝහලට් පරිත්‍යාග ලෙස ලැබුණු ඖෂධ ද නැතිනම් රෝහලට අයත් රජයේ ඖෂධ ද යන වග පිළිබදව විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ප්‍රකාශ කර ඇත .

Exit mobile version