මහරගම අපේක්ෂා රෝහලේ වර්ජනය අවසන් .

අතිකාල දීමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කර තිබෙන බව වාර්තා වේ .

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සමග පැවති සාකච්ඡා සාර්ථකවීමෙන් අනතුරුව මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ .

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලද්දේ පසුගිය 5 වැනිදාය.

Exit mobile version