මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.පොලිස් පරීක්ෂකවරයෙක්, උප-පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනකු ද මෙම ආසාදිතයින් අතර වේ.
ඔවුන්ගේ ආශ්රිතයින් ලෙස හඳුනාගෙන ඇති තවත් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු නිරෝධානයට යොමු කර ඇති බව වාර්තා වේ.
මේ අතර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ද පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර අනතුරකට ලක් වීම හේතුවෙන් රෝහල් ගතව පසුවෙයි.
ඒ හේතුව නිසාම පොලිස්ථානයට වැඩබලන පොලිස් ස්ථානාධිපති වරයෙකු පත් කර තිබූ අතර ඔහු ද මෙම කොවිඩ් ආසාදිත පිරිසට අයත් විය.