මහරාජා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක , රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

ප්‍රධාන ව්‍යාපාරික ආයතන 30 කට අසන්න, ව්‍යාපාරික ජාලයකට හිමිකාරිත්වය දරන , මහරාජා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ,  රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. කැපිටල් මහාරාජා සංවිධානයේ නිර්මාතෘවරයෙකු වන සිනතම්බි රාජන්ද්‍රම්ගේ පුත්‍රයා වන ආර්  රාජමහේන්ද්‍රන් මහතා , සන්නිවේදන ආයතන හතක පමණ හිමකාරිත්වය දරන අතර ඒ මහතා හට කැපිටල් මහරාජා ව්‍යාපාරයේ කොටස් ඇත්තේ සුළු ප්‍රමාණයකි.   ඔහුගේ පුත් වනුයේ ශෂීදරන් රාජමහේන්ද්‍රන් වන අතර අරුන් ප්‍රදීප් මහරාජා යනු  රාජන්ද්‍රම් මහාරාජාගේ පුත්‍රයා සහ රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ බෑණනුවන් ය. අංජලී සුජාතා රාජමහේන්ද්‍රන් යනු  රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන්ගේ දියණියයි.

1983 කළු ජූලියේදී , මොහුගේ සියලු ව්‍යාපාර දැවී ගිය බව පැරැන්නෝ ප්‍රකාශ කරන අතර, ඉන් පසුව ඇන්කර් සමාගම තුලින් නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ව්‍යාපාර ලෝකයේ දිගු ගමනක් ඇවිත් ඇති අතර, එය ඉතාම සූක්ෂ්ම සහ සැලසුම් සහගත ලෙස පැමිණි ගමනක් බව පැහැදලිය. රෝෂි සේනානායක මහත්මිය හරහා, ඇන්කර් කිරි ප්‍රවර්ධනය කල අතර, සිරස FM නාලිකාව තුලින් සිංහල භාෂාව විකුර්ති කිරීමද සිදු විය. කෙසේ වුවද ඒ මහතා සිංහල ජාතිය සමග යම් වෛරයක් තිබූ බවද, එයට හේතුව , කළු ජූලියේදී ඔහුගේ ව්‍යාපාර සියල්ල ගිනි තැබීම සිංහලයන් විසින් සිදු කල නිසා බවද පැවසේ.

කෙසේ වුවද, යම් යම් කාලවන් වලදී, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශාල යෝජනාද රැගෙන ඇවිත් අතර, ඒවා බුක්ති විදීමද ජාති බේදයකින් තොරව සිදු වුනු බැවින්, රට වෙනුවෙන් විශාල මෙහෙවරක්ද සිදු කර තිබේ. සියල්ලම අවසානයේදී , හැමටම පොදු මරණය හිමි වූ එතුමාට අපගේ බලවත් ශෝකය පල කරමින්, නිර්වාන සුවය ප්‍රර්ථනා කරමි.

Exit mobile version