ඇමරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පිරිස අතර ළමුන් 09 දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්නෙන් තුවාල ලැබූ පිරිස 32 ක් බවට ද වාර්තා වී ඇත.
මෙම ගොඩනැගිල්ල මහල් 19කින් යුක්ත වන අතර අදාළ ගින්න හටගෙන ඇත්තේ දෙවන සහ තෙවන මහළේ වුවත් සියලුම මහල්වෙත මෙම දුමාරය පැතිරගොස් ඇත.
අමෙරිකාවේ නිව්යෝර්ක් හි වසර 30කට පසුව ඇති වූ දරුණුම අනතුර මෙය ලෙස ද සැලකේ.
කෙසේ නමුත් ගින්නට හේතුව විදුලි හීටරයක් බවට එරට පොලිසිය සැකපළ කරයි.