ඊයේ (27) රාත්රියේ වේගය පාලනය කරගත නොහැකිව මහවැලි ගඟට පෙරලී ඇති මෝටර් රථය අද (28) මහනුවර ෙපාලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන ඇත.
අදාළ අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගැනුනු අතර එක් පුද්ගලයෙක් අතුරුදන්ව තිබුණි.
කෙසේ නමුත් මේ වන විට එම අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇති අතර ඔහු ගුරුදෙනිය, මාළිගාතැන්න ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.
අදාළ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙක් ගමන් ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා බේරාගෙන මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.