මහවැලියට බිළිදුන් පේරා සිසු ජීවිතය.

අද (21) පස්වරුවේ පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී සොයා ගන්නා ලද මළ සිරුරේ අනන්‍යතාවය මේ වන විට තහවුරු වී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි මීට දින කිහිපයකට ඉහතදී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර බවට මෙය හඳුනාගෙන ඇත.

මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් බවත් පසුගිය 18 වනදා මොහු අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක් බව සඳහන් වේ.

කෙසේ නමුත් මෙම මියගිය සිසුවා නවාතැන් ගෙන සිටි කාමරයේ තිබී ඔහු ලියූ බවට සැක ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පේරාදෙණිය පොලිසිය සිදු කරයි.

Exit mobile version