වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කර ඇත්තේ මහවැලි ගංඟාව භාවිත කිරීම අවදානම් තත්ත්වයක පවතින බවයි.
ජලාශ රැසක් වාන් දැමීම හේතුවෙන් ගලා යන ජලය මහවැලි ගඟට එකතු වීම හේතුවෙන් ගංඟාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි එහි ජල කළමණාකරන අංශයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ප්රකාශ කළේ.
එමෙන්ම කලාඔය, මඩකලපුව ,මුන්දෙනිආරු ජලාශයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.