ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එළඹෙන 2024 ජනාධිපතිවරණය සඳහා නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යපාරයක් දියත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ සඳහා මොහු විසින් ප්රචාරක කමිටුවක්ද ස්ථාපිත කර තිබෙන අතර මේ පිළිබඳව ෆ්ලොරීඩාවේ පෞද්ගලික සමාජ ශාලාවකදී ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ.
එමෙන්ම රිපබ්ලිකන් පක්ෂය ප්‍රධාන මාධ්‍ය කාලීන මැතිවරණය පරාජය වී සතියකට පසුව ට්‍රම්ප් විසින් මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු පසුගිය සමයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිතයකි.එසේම ඇමරිකානු ජනතාවගේ දැඩි විරෝධයට ලක් වූ මොහු නැවත වරක් ජනාධිපතිවරණයට තරඟ වැදීම තුළින් ගම්‍ය වන්නේ බලයට තිබෙන කෑදරකමයි.මන්ද යත් ඇමෙරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා සමඟ සසඳන විට එතුමා සිය ධුර කාලයෙන් පසුව විශ්‍රාම සුවයෙන් කල් ගෙවන අතර වයස අවුරුදු 76 වියැති මෙතුමා නැවතත් බලයට ඒමට තැත් කරයි.මෙතුමාගේ මෙම ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන ක්‍රියාකලාපයට සමානකම් දක්වයි.