මහානායක හිමිවරුන්ගෙන් සහ බෞද්ධ ප්‍රජාවගෙන් සේපාල් සමාව ගනී.

දළදා වහන්සේට අපහාස කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහට එරෙහිව තිබූ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැදවනු ලැබූ අතර එහිදී සේපාල් අමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් සහ බෞද්ධ ප්‍රජාවගෙන් සහ කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවයි. එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද සමාව අයැද සිටි බව වාර්තා වේ.

ඒ අනුව එවැනි කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිනවා නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව අදාළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට සේපාල් අමරසිංහගේ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කර ඇති බව කියයි.

Exit mobile version