මහාපරිමාණ මුල්‍ය වංචාවක් සිදුකිරීමේ සිද්ධියට අදාලව දැනට බන්ධනාගාර ගත කර සිටින ජානකි සිරිවර්ධනට විරුද්ධව තිබු එක් නඩුවකට අදාලව ඇයව ඇප මත මුදාහැර තිබෙනවා.ඒ අද( 6 )දිනයේ මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත්වරිය තිලිණි ගමගේ හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදීය.
එක් නඩුවකට ඇප හිමිවුවත් තවත් නඩු 3 ජානකි සිරිවර්ධනට විරුද්ධව ඇති අතර ඇයව ලබන 13 දක්වා බන්ධනාගාර ගත කර ඇති අතර තිලිණි ප්රියමාලිවද 13 වනදා නැවත ගෙන්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝගයක්ද නිකුත් කර ඇත.