ඛනිජ තෙල් ආනයනය කිරීමේදී මහා පරිමාණ වංචාවක් සිදු වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්රකාශ කර තිබේ.
ඒ අනුව ඛනිජ තෙල් ආනයනය කරනු ලබන නෞකාව වරාය වෙත පැමිණ වාරයේ පැය 24 ක් ප්රමාද කළහොත් ප්රමාද ගාස්තු වශයෙන් ඩොලර් 50,000 – 100,000 ක් ගෙවිය යුතු බවත් මේ සඳහා නිසි ක්රමවේදයක් සකස් කරගත යුතු බවත් එතුමා අවධාරණය කරයි.
එසේම නාස්තිය ,දුෂණය ,හොරකම අවම කර එම මුදල් හරහා යම් ස්ථාවරයකට පැමිණිය හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් අත්තනායක මහතා සඳහන් කර තිබේ.