මෙවර පැවැත්වුණු 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මහා බැංකුව විසින් නිකුත් කරන ලද රුපියල් 1000 ක මුහුණත වටිනාකමකින් යුතු 71 වන සමරු කාසිය අද (8) පාර්ලිමේන්තුවේදී මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගැන්වූ බව වාර්තා වේ.