මහා සමන් දේවාලයේ  බස්නායක නිලමේ හොරු සමග හෙළුවෙන්. පොලිසියට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ බොහෝ නිලමේවරුන් ධානපතියන් වී ඇත්තේ දේවාල වලට පත් වූ පසුවය. බොහෝ දේවාල ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් සිදුකලේ කිසිම විලි ලැජ්ජාවක් නැතිවම තමන්ගේ දෙවියන්ගේ දේ විකුණාගෙන කෑමය. ඒ ආකාරයෙන්ම මීට දශක කිහිපයකට පෙර සිට මෙරට දේවාල වල තිබු පැරණි රත්‍රන් දේවාභරණ හොරකම් කර පසුව පොලිස් මුරපොළවල් ස්ථාපනය කරන ලදී. දේවාල කැඩූ එක හොරෙක්වත් මේ වන තෙක්ම ඇල්ලු බවක් දක්නට නැති අතර අපගේ විමර්ශනවලට අනුව නම් දියවඩන නිලමේගේ සිට බස්නායක නිලමේවරුන්ගෙන් බහුතරයක් හොරුන්ය.

මේ සියල්ලම එසේ සිදුවෙද්දී පොලිස් ආරක්ෂාව තිබියදීම සබරගමුව මහ සමන් දේවාලයට අයත් පඬුරු ගබඩාවට ඉකුත් 8 වන දා මැදියම් රැයේ වහලය, සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් දේවාලයට අයත් පඬුරු පෙට්ටි හතරකින් එකතු කර ගෝණිවල එක් රැස් කර තිබූ රුපියල් ලක්ෂ ගාණක මුදල් නෝට්ටු පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

මෙම පඬුරු ගබඩාව බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ කොටසක ඉදිකර ඇති අතර නිල නිවස ඉදිරිපිට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පොලිස් මුරපොළක් ද තිබේ. එසේ නම් මේ සියල්ලම සිදුවිය යුත්තේ බස්නායක නිලමේවරයාගේ අනු දැනුම මතය. එසේම දේවාලයේ ආරක්ෂාවට මුරකරුවන් මෙන්ම සී.සී.ටී.වී. කැමරා 60ක් පැය විසිහතර පුරා ක්‍රියාත්මකව තිබියදී මෙම හොරකම සිදුව තිබේ.

මීට පෙරද මෙම දේවාලයේ මෙම සොරකම සිදුකිරීමට කටයුතු කර තිබුනත් එය වැලකි ගොස් තිබුණි. ඒ 2022.ඔක්තෝම්බර් 4 සහ 10 වැනි දිනයි. ගැටලුව වන්නේ එදා සිට මේ දක්වාම මෙසේ මුදල් තැන්පත් කර තිබුනේ ඇයිද යන්නය. නමුත් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර සදහන් කරන්නේ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවත් ලබා දී නැති බවයි.

කෙසේ නමුත් එහි පොලිස් නිලධාරීන් මේ වන විට මාරුකර තිබේ. විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ. නමුත් මෙම සිද්ධිය සැලසුම් සහගතව සිදුකල එකක බව පසුගිය ඔක්තෝබර් මාසයේ සිද්ධිය සමග ගලපන විට පෙනේ. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ III භාගය සදහන් වන්නේ ඒවායෙහි දේපල ගැනය. එහි 24 වැනි  වගන්තිය සදහන් කරන්නේ ආදායම් පවත්වාගෙන යා යුතු ආකාරයයි. වාර්තා වන ආකාරයට සොරාගෙන තිබෙන මුදල් තිබී ඇත්තේ බස්නායක නිලමේවරයාගේ නිල නිවසේය. පනතේ 24 (3) වගන්තියට අනුව ඔහුට ලග තබා ගත හැක්කේ රුපියල් 500 කි. එසේම මෙම ආඥා පනතේ 43 වැනි වගන්තිය ප්‍රකාරව 1956 සකසා ඇති උපනීති 318 වැනි අධිකාරිය යටතේ පළකර තිබේ. එහි පළමු වගන්තිය යටතේ පඩුරු පෙට්ටි සම්බන්ධවද අවශ්‍ය නියෝගද සදහන් කර තිබේ. වෙනත් වෙනත් චක්‍රලේඛ මගින් පනතක සදහන් වන දෙයක් උල්ලංඝනය කල නොහැක.

මේ අනුව පෙනී යන්නේ මෙම හොරකම කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දී ඇත්තේ බස්නායක නිලමේවරයා විසින් බවයි. මෙම මුදල් දෙවියන්ට පූජා කල ඒවාය. ඔහු දැන දැන අනතුරේ දමා තිබේ. අනෙක් සියල්ලටම පෙර ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට අපරාධ චෝධනා එල්ල කිරීම පොලිසියේ වගකීම වේ. එය එසේම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම සදහන් වේ.

ඒ අනුව බස්නායක නිලමේවරයාට එරෙහිව 100, 101, 112, 113 අ 162, 173, 174, 289,  290, 366, 379, 388, 392අ 408,  ආදී වගන්ති වලින් කියවෙන වැරදි ඔහු සිදුකර තිබේ. ඉන් හොරකමට අදාළ වගන්තීන් ඔප්පු කරගැනීමට නම් හොරකම් කල මුදල් සොයාගැනීමට හැකි විය යුතුය. නමුත් අනෙකුත් සියලුම වගන්තීන් වලින් කියවෙන වැරදි ඔහු කල බවට ඔප්පු වී අවසන්ය.

Exit mobile version