මහින්දගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. අරගලයට පහරදුන් අය සොයා අපරාධ පරීක්ෂණය ආරම්භ කරයි.

රාම – රාවණා යුද්ධයේදී හනුමන්තා තමන්ගේ නැට්ටෙන් ගිනි තැබුවාට පසු නැවතත් නැට්ටන් ලවා ගිනි තැබූ ප්‍රධාන චුදිතයා උන්හිටි තැන් පවා අහිමි කරගෙන පාලු දූපතකට හිරවී සිටියි. ඒ මූසල දිනය සිහිපත් කරමින් එදින හවස් යාමයේ සිටම ස්වාභාවදහම පවා වෙනස් වෙමින් තිබුණි.

ඊයේ හවස්වන විට යුධ හමුදාවට තුවක්කුවෙන් වෙඩි තැබීමේ අණ ලබා දෙන බව දැනගත් සොබාදහම ඊයේ දවස පුරාම පරිසරය අදුරු කර තිබුණි. අද වනවිට යම් එළියක් වැටෙමින් තිබේ.  

කෙසේ හෝ ඊයේ නීතිපති පොලිස්පතිවරයාට නියෝගකලේ වහාම සාමකාමී මිනිසුන්ට පහරදුන් අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කටයුතු භාර දීමට පොලිස්පතිකටයුතු කරන ලදී.

මේ වන විට එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

Exit mobile version