මහින්ද රාජපක්ෂ යනු තරුණ සමයේ චන්ඩියෙකු බව කවුරුත් දන්නා කතාවකි. තමන්ගේ පාක්ෂිකයන් වෙනුවනේ සෘජුවම පෙනී සිටි ඔහුට පොලිස් ස්ථානාධිපතිවරුන් පවා දැඩි බියක් දැක් වූ බවද පොලිස් නිලධාරීන්ම ප්රකාශ කරයි.
ඒ කෙසේ වෙතත් ජනතාව ඔහුට ආදරය කලේ වාර්ගික යුද්ධයෙන් ශ්රී ලංකාව බේරා ගත නිසාය. වාර්ගික යුද්ධයෙන් ශ්රී ලංකාව බේරා ගත් ඔහුම ජනතාව දුක් විදින, මිය යන තත්වයට පත් කරන ලදී.
පසු ගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ අධාරකරුවන් විසින් ගාලු මුවදොර පිටියට පහර දීමත් සමගම, එම පහර දීමට ගාලු මුවදොරට ගිය බොහෝ දෙනෙකුගේ නිවාස වලට මෙන්ම දේපල වලට හානි කලේ ප්රචණ්ඩ වූ ජනතාවයි. එහිදී වීරකැටියේදී ද එම පහර දීමට එහි සභාපති ඇතුළු කිහිපදෙනෙකුම ගාලු මුවදොරට ගොස් තිබු බැවින් ඔවුන්ගේ නිවාස වලටද ජනතාව හානි කර තිබුණි.
මේ වන විට වීරකැටිය ප්රදේශයේ කිහිපදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති අතර සංඝයාවහන්සේලා කිහිප දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඊයේ වලස්මුල්ල අධිකරණය විසින් ඔවුන් ඇප මත මුදා හැර තිබුණි. ඔවුන් වෙනුවෙන් විශාල ජනතාවක් වලස්මුල්ල අධිකරණය ඉදිරිපිටට පැමිණ තිබු අතර එහිදී ඔවුන් සාමකාමී උද්ඝෝෂනකද නිරත විය.
අධිකරණයෙන් එලියට පැමිණි ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම වීරකැටිය පොලිසියටද , මන්ත්රීවරුන් කිහිප දෙනෙකුටද විවිධ චෝදනා එල්ල කරන ලදී. සම්පූරණ වීඩියෝව බලන්න.