මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි කාලයේ උතුරු නැගෙනහිර පළාත් භාරව සිටි දේශාපලන කැම්පෙන් මැනේජර් චන්ද්ර ප්රනාන්දු නව ආණ්ඩුවේ පොලිස් කොමිසමේ සභාපති බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසන ලදී.
ඔහු පත් කිරීමත් ,පොලිසියේ නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරිමට හිටපු පොලිස්පති කෙනෙක් පත් කිරීමත්, ලෝක පාරිසරික හා දේශගුණික විපර්යාස සම්බන්ද ජනාධිපති උපදේශක ලෙස කිසිම දැනුමක් නොමැති ගම්පහ දිස්ත්රික්කයේ චන්දයෙන් පැරදුනු රුවන් විජේවර්ධන පත් කිරීමත්, දැනට සිටින විධායක ජනාධිපතිවරු ස්ත්රී දුෂකයන්ට මිනිමරුවන්ට සමාව දීමත් යන කරුණු හේතුවෙන් පවතින ආණ්ඩුක්රම වෙනස්කම් රැසක් සිදු කල යුතු බව මෙතුමා මෙහිදී සඳහන් කරන ලදී. එසේම පවතින නව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව පවතින ආණ්ඩුක්රවේ රූකඩයක් බවත් ඔහු පවසන ලදී.
එතුමා පවසන ආකාරයට විධිමත් ආර්ථීකයක් ගොඩනැගීමටත් රටේ නිතිය පිළිබඳ සාධාරණයක් වහාම කල යුතු අතර ඒ සදහා පැහිදිලි නිශ්චිත කෙටුම්පතක් සකස්කර ඒ මත පදනම්ව දේශපාලන සංවිධානයක් ඇති කර සුදුසුකම් සහිත පුද්ගලයන පත් කර ජනතාව වෙනුවෙන් සාධාරණ නව ආණ්ඩුක්රමයක් ආරම්භ කල යුතු බවය.