මහින්දට අගමැතිකම?- ඔලුවේ අමාරුවට කොට්ට මාරුකිරීමට සැරසේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරය ඉවත් කර ඒ සදහා නැවතත්  මහින්ද රාජපක්ෂ පත්කිරීමේ සැලසුමක් ඇති බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසා ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් හා මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වැඩි දුරටත්  සඳහන් කර ඇති බව වාර්තා වේ.

“අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.”

“දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.”

“අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.” 

“මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි.”

Exit mobile version