2015 පත් වු මහජන රජය පත් වු දිනයේ සිටම එය පෙරලා දැමීමටත්, විවිධ බොරු කියා මහජනතාව ගොනාට අන්දවමින්, අවුරුදු 5 කට පමණ මාතෘ භූමිය සුරපුරයක් කිරීම උදෙසා මහින්දගේ නායකත්වයෙන්, යුතුව පොදුජන තම පෙරමුණ නව ආණ්ඩුව පිහිටවීය.. එම රජයේ ජනාධිපති වූයේ ගෝඨාභය රාජපක්ෂ නම් වු ඔහුගේ මලයන්ඩිය වන අතර එහි අගමැති ලෙස මහින්ද රාජපක්ෂත්, මුදල් ඇමති ලෙස ඔහුගේම තවත් මලයන්ඩියෙක් වන බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පත්ව, සියල්ලෝම එක්ව මාතෘ භූමිය දූෂ්‍ය කලේය.
එම රජයේ නායකයන් වු තිදෙනාගේම ගෝල බාලයන් වර්තමාන රජයේ මැති ඇමතිවරුන් වී රට පාලනය කරයි. මහින්ද රාජපක්ෂද මෙම රජයේ මහජන නියෝජිතයෙකි. ඔවුන්ගේම ආණ්ඩුව තවමත් රට පාලනය කරද්දී, වැට් බද්ධ ගැනත් , පවතින අර්බුධ ගැනත් හතර බීරි කතාවක් ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකරමින්, ඔහුගේ සියලුම ප්‍රතිපත්තිවලට අත් දෙකම උස්සා සහාය ලබා දී , ඔවුන් පත්කල ජනාධිපතිවරයාට දොස් තබන්නේ, ඔහු ඉවත්කිරීමට අවශ්‍ය සම්පූර්ණ බලය ඔවුන් සතුව තිබියදීය.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ උගත් සහ ඉහළ පුහුණුවලත් වෘත්තිකයන් අධික බදු බර නිසා රටින් පිටවීම නව අර්බුදයකට තුඩු දී ඇති බවයි.
එසේම, 2024 අයවැය මගින් වැට් බද්ද වැඩි කිරීමෙන් පසු බදු ප්‍රතිපත්තිය 2024 දී ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමට නියමිත බවද පෙන්වා දෙයි.
ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත් අංශ නියෝජනය කරන වෘත්තීය සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක් තිස්සේ ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන බවද පෙන්වා දෙයි. අඩු බදු සිය රජයේ ප්‍රතිපත්තියේ මූලික හරයක් වූ බවත්, බදු අඩු කරන ලෙස ඉල්ලා සිටින්නේ ශක්තිමත් ආර්ථික මූලධර්ම මත බවත් ආර්ථික ඝාතකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කරන ලද මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.
2006 සිට 2014 දක්වා මේ රට අත්විඳින ලද නව වසරක නොබිඳුණු ආර්ථික අභිවෘද්ධියට එය විශාල දායකත්වයක් ලබා දුන් බවත් මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් පෙන්වාදෙන ඔහු තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් රජයේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා විවිධ ප්‍රතිපත්ති සහිත වෙනස් දේශපාලන පක්ෂයක නායකයා බවයි.
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණයක් දක්වා ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව ද සිය නිවේදනය මගින් මහින්ද රාජපක්ෂට පෙන්වාදෙන රටේ ජනතාව අවස්ථා ගනණාවකදීම ඔහුට මෙරට ජනතාව අසීමිත බලයක් ලබා දුන්නේය.