මහින්ද රාජපක්ෂ අනුරාධපුර පුදබිමට.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ ඊයේ (27)  අනුරාධපුර පුදබිමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි බව වාර්තා වේ.

 එහිදී ආගමික වතාවත් වල යෙදුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ රුවන්වැලි චෛත්යාරාමාධිකාරි පුජ්‍ය ඊතල්වැටුනුවැවේ ඥානතිලක හිමියන් හමු වීමට ද ගිය බව ද වාර්තා වේ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පැවැත්වීමට නියමිත මැතිවරණය සදහා පොදුජන පෙරමුණ සුදානම් බවයි.

Exit mobile version