මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලට අයත් අමාත්‍යංශයන්ට අයවැයෙන් 64% ක්?

පසුගිය දිනක 2022 වර්ෂය සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත්කර ඇත.

එහි සඳහන් පරිදි 2022 වසර වෙනුවෙන් රජයේ මුළු වියදම රු.  බිලියන 5128.47ක් වන අතර ඉන් කැබින් සහ කැබිනට් නොවන මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ දේශපාලකයන් වෙනුවෙන් රු.බිලියන 3470.829ක මුදලක් වෙන් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් සඳහන් කර ඇත.

අද (20) පැවති පාර්ලිමේන්තු සභයේ  දී ඔහු මේ පිළිබඳව හෙළි කර ඇත.

එහි දී සාමූහික ප්‍රයත්නයකින් රට සංවර්ධනය කිරීමට උත්සහ දරනවා වෙනුවට අයවැයෙන් වැඩි කොටසක් එනම් බිලියන 3470ක් සිය පවුල වෙනුවෙන් වෙන් කර රට දියුණු කිරිමේ හැකියාව ඇති දැයි ඔහු ප්‍රශ්න කර ඇත.

එමෙන් ම අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් අමාත්‍යංශවලට මුදල් වෙන්කර ඇති ආකාරය ද පැහැදිලි කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බිලියන 430.91ක් ලෙසත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බිලියන 47.51ක් ලෙසත්, බැසිල් රාජපක්ෂ මහතාට බිලියන 2884.12 ලෙසත්, චමල් රාජපක්ෂ මහතා බිලියන 54.88 ලෙසත්, නාමල් රාජපක්ෂ මහතාට බිලියන 7.44 ලෙසත්, ශෂින්ද්‍ර රාජපක්ෂ බිලියන 45.08ක් ලෙසත් වෙන් කර ඇති බව සඳහන් කර ඇත.

Exit mobile version