ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ඉදිරිපත් කර තිබේ.
2018 සිට 2020 දක්වා කාලය තුල පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් විසි එක් ලක්ෂ 56,200ක් වංචා කිරීම සම්භන්ධයෙන් පවරා ඇති නඩුව අද(03) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මතයි.එමෙන්ම ඔහුගේ ඇපකරුවන්ටද නොතිසි නිකුත් කිරීමටද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කල බවට වාර්තා වේ.