මහේලට තවත් උසස් වීමක්.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්ව ඇත.

ඒ ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙනි.

ඒ අනුව ඔහුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “Global Head of Performance” ලෙස මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් පත්කර ඇත.

එම තනතුරට අනුව මුම්බායි ඉන්දියන්ස් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහ  නවක ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කටයුතු සම්බන්ධ වගකීම් ද ඔහුට පවරා ඇත.

Exit mobile version