” මහේස්ත්‍රාත්වරිය ඇතුළු පිරිස ” – ” රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිරිස ” ලෙස නිවැරදි කිරීමයි.

අප මීට සුළු මොහොතකට පෙර ” මහේස්ත්‍රාත්වරිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ් ” යනුවෙන් පුවතක් වාර්තා කෙරුණි. එය එසේ සටහන් වී තිබෙන්නේ යතුරුලියන දෝෂයක් නිසා වන අතර ඉන් කිසියම් මහේස්ත්‍රාත්වරයෙකුට අපහාසයක් සිදු වූවානම් එයට අපගේ බලවත් කනගාටුව පලකරමි . එය ” රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ් ” යනුවෙන් නිවැරදි විය යුතුය. ඒ අනුව එම පුවත යතුරු ලියනය කිරීමේදී සහ තාක්ෂණික දෝෂයක් මත සිදුවූ දෝෂයකින් එය එසේ සටහන් වී ඇත. ඉන් කිසියම් හෝ මහේස්ත්‍රාත්වරයෙක් අපහසුතාවයට පත් වූවානම් එයට අපගේ බලවත් කණගාටුව පළ කරමි.එය හිතා මතා සිදු නොකරන ලද්දක් වන අතර අකුරු යතුරුලියනය කර පල කිරීම සදහා වෙබ් අඩවියට යාමේදී සිදුව ඇති යතුරුලියනය සහ විදුලිබලය ඇණ හිටීම නිසා ඇති වූ අන්තර්ජාල සංඥා අක්‍රීය වීමත් සමග ඇති වූ තාක්ෂණික දෝෂයක් මත වචන මාරු වීමෙන් එම දෝෂය සිදුව තිබේ . ඒ අනුව නිවැරදි පුවත විය යුත්තේ ” රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ් ” ලෙසයි. නිවැරදි පුවත පහතින් ,

රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ .

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගැනුණි.

Exit mobile version