මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එම කටයුතු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.
උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණයෙන් 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 යකටත් , තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝවක් රුපියල් 88 කටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.