මහ දවල් තිබුණු නිදහස් උත්සවේ විදුලිය සඳහා කෝටි දෙකක් වෙන්කරලා – නිදහස් උත්සවේ ගැන තවත් කතාවක් එළියට පනී..

අමාරුයි අමාරුයි කිය කිය විදුලි බලමණ්ඩලේ අය රුපියල් බිලියන තුනක් බෝනස් අරන්, අමාත්‍යංශයේ අයටත් බෙදලා ..

දහවල් පැවැත්වුණු 75 වන නිදහස් දින සමරු උත්සවය සඳහා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් ගෙවීමට තීරණය කර ඇති බව අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර පවසනවා.

මෙරට 75 වන නිදහස් උළෙල සම්බන්ධයෙන් වන වියදම් ඇස්තමේන්තුව තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබා ගැනීමට ඔහු පසුගියදා කටයුතු කර තිබු අතර මේ හේතුවෙන් නිදහස් උත්සවයේ වියදම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතා බහක් සමාජයේ නිර්මාණය වුණා.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කමන්ත තුෂාර මහතා සඳහන් කර ඇත්තේ නිදහස් උත්සවයේ වියදම් සම්බන්ධයෙන් බරපතල ගැටළු රැසක් තවදුරටත් නිර්මාණය වී ඇති බවයි.

දහවල් පැවති නිදහස් දින සැමරුමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 21 මුදලක් වෙන් කිරීම, ජංගම වැසිකිලි සඳහා රුපියල් ලක්ෂ 142 කට වඩා වැඩි මුදලක් වැය කිරීම ඇතුළු වියදම් සියල්ල බරපතල ගැටළුකාරී තැන් රැසක් මතුකිරීමට හේතු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ජනතාවට අගහිඟ කම් පෙන්වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් විසින් සිය බෝනස් වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වෙන්කරගෙන ඒවා අමාත්‍යංශ සේවකයින් අතරේද බෙදා හදා ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් හරහා හෙළිව ඇති බවාද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

Exit mobile version