මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්රකාශ කළේ පසුගිය අවස්ථාවන්හි දී ශ්රී ලංකා මහ බැංකු මණ්ඩලය ගෙන ඇති තීරණ හේතුවෙන් රටේ ආර්ථික තත්ත්වයේ යම් සාධනීය ප්රතිඵල දක්නට ලැබෙන බවයි.
මේ වන විට රටේ ආනයන වියදම් අඩු වී අපනයන ආදායමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම ඉදිරි කාලයේ දී උද්ධමනය අඩුවේ යැයි අපේක්ෂා කරන බව ද ඔහු මෙහි දී ප්රකාශ කර ඇත.