මහ බැංකුවේ නිල සංචිත වත්කම් වටිනාකම ඉහළට.

මාර්තු මස ඩොලර් මිලියන 2,694 ක පැවති නිල සංචිත වත්කම් අගය අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

එමෙන්ම නිල සංචිත වත්කම් තුළ අඩංගු ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 2,629 සිට ඩොලර් මිලියන 2,691 ක් දක්වා 2.4% කින් වැඩි වී ඇති බවත් මෙම සංචිත වත්කම් තුළ ඩොලර් බිලියන 1.4 කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම අන්තර්ගත වන බවත් , එය භාවිතා කිරීමේදී කොන්දේසිවලට යටත් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version