මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවක් ස්ථාපනය වේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීමේ නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය 03 වනදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව ස්ථාපනය කර තිබෙන්නේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීමට සහ එය විධිමත් කිරීම සඳහා වේ.

වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයන් 80%ක් පමණ පසුගිය දශක දෙකක කාලය පුරාවට සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇත.

Exit mobile version