ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් ඊයේ (15) දිනයේ සිදුකර තිබේ.
එහි වටිනාකම රු.මිලියන 129,920.41ක් හෙවත් රු.කෝටි 12,992ක් වන බව සඳහන් වේ.
මහා බාණ්ඩාගාරය විසින් ණය සේවාකරණ ගෙවීම් මූල්‍යයනය කරගැනීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙම නිකුත් කිරීම සිදුකළ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
මේත් සමග ඊයේ (15) දිනය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ප්‍රමාණයෙහි මුහුණත වටිනාකම රු.මිලියන 2,570,671.54ක් ලෙස දැක්වී ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් නොවැම්බර් මස 14 වනදා මෙය දැක්වී ඇත්තේ රු.මිලියන 2,440,751.13ක් වශයෙනි.
මෙසේ මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්‍රවාහයක් මුදා හැරීම සිදු කරයි.
සරල ව්‍යවහාරයේ එය හැඳින්වෙන්නේ “සල්ලි අච්චුගැසීම” යනුවෙනි.මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීය යන ගනුදෙනු මහ බැංකුව රජය සමග සිදු කරන ගනුදෙනු අතර ප්‍රධාන තැනක් ගනු ලබයි.
රජයේ මුදල් අවශ්‍යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වලදී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන ලෙස මිලදී ගැනීමේ හැකියාව මහ බැංකුව සතුය.
එම ක්‍රියාවලියේදී භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්‍රමාණයක් නව මුදල් නිකුත් කිරීම් වශයෙන් ආර්ථිකයට මුදා හැරීම සිදුවන අතර ඊයේ (15) දිනයේ සිදුවී ඇත්තේ ද එවැනි ක්‍රියාවලියක් බව වාර්තා වේ.