හෙට (27) දිනයේ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා ඇත.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදේශ ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් සපයාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහි දී සාකච්ඡා කර සාමූහිකව තීරණයකට එළඹීට නියමිතව ඇති බවයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.