මාටින් හදපු බෑගයෙන් ජනපති ඇන්දූ යුධ හමුදාපති.

පසුගිය 02 වනදා යුද හමුදාපති විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුවිශේෂී බෑගයක් පිරිණමන ලදී.මෙම බෑගය ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් සකස් කරන ලද මෙම බෑගය ජනපතිටම සුවිශේෂී වූවක් වශයෙන් සකස් කළ බවයි සඳහන් වූයේ.

ලෝක බලවතුන් සංචාරයන් සඳහා පිටව යන විට සිය වැදගත් සහ රහසිගත ලියකිවිලි ආරක්ෂිතව රැගෙන යාමට සුදුසු බෑගයක් තිබීම ලෝක සම්ප්‍රදායක් විය. මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට ද රැගෙන එමින් එවැනි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ආරක්ෂිත බෑගයක් සකස් කිරීමේ වගකීම යුද හමුදාවට භාරදෙන ලදී.

ඒ අනුව සකස් කරන ලද බෑගය යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනපති වෙත ලබාදෙන ලදී.මෙම බෑගය උසස් ප්‍රමිතියෙන් යුක්තව ආරක්ෂිතව හා සැලසුම් සහගතව සකස් කළ එකක් බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන් කරන ලදී.

කෙසේ නමුත් මෙහි ඇති තවත් පැතිකඩක් මේ වන විට හෙළි වී හමාරය.ඒ මෙම බෑගය යුද හමුදාව විසින් සකස් කළ නිෂ්පාදනයක් නොවන බවයි.මෙය සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ සම් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන පී.ජී.මාර්ටින් සමාගම විසින් බවට මේ වන විට අනාවරණය වී තිබෙණ බව කිය වේ.

නමුත් ජනාධිපති වෙත යුද හමුදාපති විසින් දැනුම් දී ඇත්තේ මෙම බෑගය යුද හමුදා නිලධාරීන් විසින් සකස් කල බවක් වුවත් මෙහි දී සැබවින්ම සිදුව ඇත්තේ යුද හමුදාපති විසින් පී.ජී.මාර්ටින් සමාගම වෙත මුදල් ගෙවා බෑගය සකස් කරවා ගැනීමයි.

කෙසේ නමුත් මේ පිළිබඳව තවමත් තහවුරු වී නොමැති අතර හැකි ඉක්මනින් මේ පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය වනු ඇත. කෙසේ එසේ රාජ්‍ය නායකයාට බොරුවක් කල බව සඳහන් වන වීඩියෝවක් සමාජ මාද්‍ය තුල සංසරණය වෙමින් පවතී. ඒ අයුරින් ඔහු බොරුවක් කලේ නම්, ඉන් කියවෙන්නේ ඔහු හමුධාධිපති දූරයෙන් වහාම ඉවත් විය යුතු බවයි. ඔවුන් රාජ්‍ය නායකයා ගොනාට ඇන්දුවේ නම් අනෙකුත් කටයුතු ගැන වගකීමක් තිබේද, නැද්ද යන්න ඕනෑම පුද්ගලයෙකුට වටහා ගත හැකිය . එබැවින් එවැනි හමුදා නායකයන් තව දුරටත් ශ්‍රී ලංකාවට වලංගු නැත. කතාව නිවැරදි කිරීම, අදාල වීඩියෝව නිවැරදි කිරීම, සත්‍ය හෙළිදරව් කිරීම යුධ හමුදධිපතිවරයාගේ වගකීම වේ.

Exit mobile version