මාතර නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එන්නත්කරණය අනිවාර්ය කරමින් මාතර නගරය පුරා තිබෙන ගෑස් සහ ඉන්ධන පෝලිම් වල පත්‍රිකාවක් බෙදා තිබේ.
එම ක්‍රියාවලියට මහජනතාවගෙන් දැඩි අප්‍රසාධයක් එල්ල කර තිබෙන අතර එන්නත්කරනයේදී රෝගී වූ ජනතාව ආහාර හිඟයෙන් පවා පෙළෙද්දී මෙසේ ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම පිලිබඳව මානව හිතවාදීන්ගෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබේ.
මේ පිලිබඳව මෙන්ම එයට විරෝදය පා නීතිමය ක්‍රියාවලියක් සිදු කරමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
රාවණා සටහන
නැති නීතියක් මවා පෑමට කිසිදු රාජ්‍ය නිලදාරියෙකුට හෝ පුරවැසියෙකුට නීතියෙන් අවසර නොලැබේ. එන්නත් කරණය පිලිබඳව විවිධ නීති පැනවීමද නෙති විද්‍යාවට අනුවද පටහැනිය. නීතියක් පැනවීමට පෙර එම නීතිය ජනතා සුබ සිද්ධිය සිදු වන බවට සහතිකයක් දිය යුතුය. විශේෂයෙන්ම එන්නත් කරන ක්‍රියාවලිය සිදු කරන කෝවිඩ් වෛරසයට එරෙහිව මෙසේ බලහත්කාරයෙන් එන්නත් කිරීම හෝ නීති පැනවීමට පෙර මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස හදුනා ගත යුතුය. එම ක්‍රියාකාරිත්වය ස්තීර සහ අවසාන ප්‍රතිපලය ලෙස සහතික විය යුතුය. එසේම නිෂ්පාදිත එන්නත්වල වෛරසයට එරෙහිව සියයට සියයක්ම ක්‍රියාත්මක වන බව සහතික විය යුතුය. වරින් වර වෙනස් වන සහ නිශ්චිතවම හදුනාගෙන නොමැති මෙවැනි කාරණාවකට නීතියක් පැනවීමට නීති විද්‍යාවට අනුව හැකියාවක් නැත. එහෙත් ශ්‍රී ලංකාව යනු එසේ නීතියට හෝ මානව හිමිකම් වලට පටහැනිව ක්‍රියාත්මක වන පුරවැසියන් සහ රාජ්‍ය නිලදාරීන් බහුතරයක් නිසා විනාශ වූ රටකි.
මේ පුවත්ට අදාළ වූ මාතර නාගරික මහජන පරීක්ෂක සිදු කර තිබෙන ක්‍රියාවලිය නීතිවිරෝදිය. ඔහුගේ එම ක්‍රියාවලියෙන් ජනතාවාට පීඩාවක් මෙන්ම තර්ජනයක් සිදුව තිබේ. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකිය. විශ්වාස නොමැති කටයුත්තක් නිසා ජනතාවට හානි සිදුවන බැව් ජනතාව අත් දැකීමෙන් වේදනා විද තිබෙන නිසා එයින් පුද්ගලයන්ගේ පුද්ගලික ආරක්ෂාව නැති වේ. පුද්ගලයන් විශ්වාස කරන කරුණු මත ඔවුන්ගේ පුද්ගල ආරක්ෂාව පිලිබඳව අයිතිය ලබා දී තිබෙන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 89, 90 ආදී වගන්ති වලිනි. ඒ අනුව මෙසේ කටයුතු කිරීමට විරුද්ධව එම පනතේම 100, 101, 104, 107, 108, 112, 113 අ, 120, 150, 162, 163, 175, 197, 261, 289, 330, 340, 341, 374, 408 ආදී ලෙස වගන්ති ගන්නවකින්ම අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය.
ශ්‍රී ලංකාව තුල තිබෙන නීතිය මෙන්ම සියලුම ආගම් වල තිබෙන ඉගැන්වීම් නොදන්නා නිසා ජනතාව මෙසේ විවිධ පීදවලාට ලක් වේ. එසේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ද කටයුතු කරන්නේ ජනතාව පීඩාවට පත් කිරීමේ අරමුනිනේ බවද ඉතාම පැහැදිලිය. අප සතුව තිබෙන ඔවුන්ගේ විවිද ප්‍රකාශ මෙන්ම මාධ්‍යවේදීන්ට සිදු කල තර්ජන සහ ගර්ජන වලින්ද ඒවා පැහැදිලිවම දක්නට තිබේ.