මාතර මැකෝ කාර්‍යාලය ඉදිරිපිට කැපූ වළෙන් නොසිතූ දෙයක්.

මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද (06) සවස මිනිස් ඇට කටු තොගයක් හමු වී තිබෙන බව වාර්තා වේ .

පසුව මාතර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු ඒ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති අතර ඒ අනුව ගාල්ල හා මාතර පුරා විද්‍යා ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කරන ලදී .

අඩි 4 ක් පමණ ගැඹුරු වලක එම අස්ථි කොටස් තිබු අතර ඉපැරණි ඇණ 04 ක් ද ඒවා සමග ගොඩගත් අතර එම මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ සිදු කළ යුතු බව පුරා විද්‍යා නිලධාරියෙකු පවසන ලදී.

එමෙන්ම ඔහු සදහන් කළේ දැනට පවතින තත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කොට එම ස්ථානයේ තව දුරටත් කැණීම් සිදු කරනවාද යන්න තීරණය කරන බවයි.

Exit mobile version