මාතලේ සිගිත්තෙකුට අත් වූ ඛේදවාචකය.

එකම පවුලේ සිව්දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධ පුවතක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මාතලේ – රන්බිමගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පිරිසකට මෙම පහරදීම සිදුව ඇති අතර එහිදී අවුරුදු තුන හමාරක පිරිමි දරුවෙකු මියගොස් ඇත.

එමෙන්ම පහර කෑ මව ,දියණිය සහ තවත් පුත්‍රයෙකු මාතලේ රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විට ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  ප්‍රකාශ කළේය.

මෙසේ තුවාල ලැබූ මව වයස අවුරුදු 38ක පසුවන්නියක් වන අතර දියණියගේ සහ පුත්‍රයාගේ වයස පිලිවෙලින් අවුරුදු 19 සහ 15 බව සදහන් වේ.

මොවුන්ගේ නිවසට යාබද අයෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර කලක පටන් පැවති ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති බවද වාර්තා වේ.

අදාල සැකකරු සහ පහරදීමට යොදා ගත්තා යැයි බවට සැක කෙරෙන කඩුවක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version