මාධ්‍යවේදීන්ට දොර වසා බස්නායක නිළමේ තේරීමේ නිළවරණය ආරම්හ වෙයි

ආන්දෝලනයකට තුඩු දී තිබෙන බදුල්ල දිස්ත්‍රික්කයේ, සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා තේරීමේ නිලවරණය මේ වන විට පැවැත්වේ.

මෙම නිලවරණය මහජනතාවට අතිශයින්ම වැදගත් වන්නේ බාහිර පාර්ශ්වයන් දෙකක් තරගයට ඉදිරිපත්ව සිටීමයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට කටයුතුකර තිබේ.

මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා සියලුම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්රාදේශීය මාධ්‍යවේදීන් පැමිණ සිටියත් එය අවහිර කිරීම නිසා මෙම අවස්ථාවේ වැදගත්ම කටයුතු මහජනතාවට දැන ගැනීමට තිබෙන අයිතිය ඉන් අවහිරවන අතර අපේක්ෂකයන්ටද ඉන් බරපතල හානි සිදු වේ.

එබැවින් සත්‍ය අණාවරණය කිරීමට නොදී එය වලක්වාලීම පිලිබදව අදාල බලධාරීන්ට අපගේ බලවත් අප්‍රසාදය පලකරන්නෙමු

Exit mobile version