අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතාව ආවරණය කරමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් සහ එම පහරදීමට අණ දුන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පවසයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමා නියෝග කළ බවද පොලිස්පතිවරයා සදහන් කර ඇත.
මූලික විමර්මාශන වාර්තාව සලකා බලා මාධ්‍යවේදීන්ට පහරදීමට අණදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමට හෙට දිනයේ තමා පියවර ගන්නා බවද පොලිස්පතිවරයා මාධ්‍ය හමුවෙි පවසා සිටී
මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් කළ එම පහරදීම තමා තරයේ හෙළා දකින බවද පොලිස්පතිවරයා සඳහන් කළේය. එම පහරදීම සිදු නොවිය යුක්තක් බවත් ඒ සම්බන්ධයෙන් තමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බලවත් කණගාටුව ප්‍රකාාශ කරන බවත් පොලිස්පතිවරයා පැවසුවේය.