මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම පැමිණි ආයුද සන්නද්ධ පිරිසක් ඔහුට මැර තර්ජනය කර පලාගොස් තිබේ.
අද (14) අළුයම 2ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ආයුද සන්නද්ධ තිදෙනෙකු පිළියන්දල චමුදිතගේ නිවස පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ එහි ආරක්ෂක නිලධාරියාට ගිනි අවි පෙන්වා නිවසට ඇතුළු වීමට උත්සාහ කර තිබේ.
ඉන් පසු නිවසට අසුචි සහ ගල් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇති අතර පිළියන්දල පොලිසිය විමර්න පවත්වයි.
රාවණා සටහන
මාධ්‍යවේදියා යනු සමාජයේ ඇස් ඇරවන පුද්ගලයන්ය. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුල සමාජයක් සජීවීව ජීවත් කරවයි. ඕනෑම පුද්ගලයෙකුට, පරිසරයට, සමාජයට, ආයතනයකට යම් යම් පුද්ගලයන් සිදු කරන හොද සහ නරක ජනගත කරමින් සමාජය සජීවීව තබයි.
මාධ්‍යවේදීන් බිය ගැන්වීමෙන් ප්‍රකාශ කෙරෙන්නේ සමාජයේ වැරදි කරන පුද්ගලයන්ට රජ කිරීමට අවශ්‍ය බවයි. නමුත් එය තාවකාලික බවද, මාධ්‍යවේදීන් බිය වැද්දීමෙන් හෝ මරා දැමීමෙන් විනාශ කරනුයේ ඔබේත් මගේත් අනාගත පරපුරම බවද, අපරාධකරුවෙකුට වුවද අයුක්තියක් වු විට එයට විරුද්ධව ප්රබලව හඩ නගන්නේ මාධ්‍යවේදීන් බවද ඔබට මතක් කර දෙන්නෙමු.
එසේම මේ කොන්ද නැති, බිය ගුලු ප්‍රහාරය අප මාධ්‍ය ආයතනයක් ලෙස හෙලා දකින අතර මෙවැනි ක්‍රියාවන් සිදුකර මාධ්‍යවේදීන්ගේ හඩ නිහඩ කල නොහැකි බවද , හඩ නිහඩ වුවද එය තාවකාලික බවද සටහන් කරමු