රූපවාහිනි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන ධනංජය නාරන්බැද්ද මහතාට හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තර්ජනය කිරීමේ පුවතක් වාර්තා වේ.
ඔවුන්ගේ යු ටියුබ් නාලිකාවක් වන life traveler මගින් සිදුකරන ලද අනාවරණයකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යම් දූෂණයක් පිලිබදව සිදුකරන ලද ප්‍රකාශයක් මත මෙම තර්ජනය සිදුකර තිබේ. කෙසේ වෙතත් ඒ පිලිබඳව ඔහු කිසිම ස්ථානයකට පැමිණිලිකර නැති අතර මන්ත්‍රීවරයාට අනුව ” මේ පුංචි රටේ කොතනකදී හෝ අපි හමු වෙයි”, ලෙස ප්‍රකාශ කරන බැවින් එතෙක් ඔහු ඒ ගැන බලාපොරත්තු තබාගෙන සිටී. අමාත්‍යවරයා ඔහුට කතා කර තිබෙන්නේ 0777192775 යන ජංගම දුරකතනයෙන් 2022 09 11 දින 13.53 පැයටයි. සමහර විට අමාත්‍යවරයාගේ ගෞරවාන්විත කීර්ති නාමය විනාශ කිරීම සදහා වෙනත් පුද්ගලයෙකු ආමන්ත්‍රණය කලාද විය හැකිය.
කෙසේ නමුත් මහින්දාන්නද අලුත්ගමගේ මහතා යනු මෙරට ජනතාවගේ බලවත් අප්‍රසාධයට ලක්ව සිටින දූෂණ, චෝදනා අක්‍රමිකතා තිබෙන බවට ප්‍රකාශ වන මන්ත්‍රීවරයෙකි. ඔහු මීට අවුරුදු ගනනාවකට පෙර රැකියාව ලෙස කර තිබෙන්නේ රක්ෂණ නිජිතයෙකු ලෙස කටයුතු කිරීම වන නමුත් ඔහු දැන් බිලියනපතියෙකි. එවැන්නෙක් එවැනි ධානපතියෙකු වීමද පුදුම සහගතය. එබැවින් එවැනි චෝදනා තිබෙන ඔවුන් කල යුත්තේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම වෙනුවට තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙමින් ජනතාවට යහපත් සේවයක් ලබා දෙමින්, තමන් හොරෙක් හෝ වංචනිකයෙක් නම් එම පව් සෝදා යැවීම සදහා කටයුතු කිරීමයි.
මෙරට ජනතාවගේ සමස්ත කෘෂි කාර්මික ජීවිතයත්, රටට අහාර හිගයක් ඇතිකිරීමේ සියලුම සැලසුම් සහ කටයුතු සිදුවන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටි කාලය තුළදීය. එසේම “චීන මලපහ” රැගත් නෞකාවේ සිද්ධිය සිදුවන්නේද ඔහු අමාත්‍යවරයාව සිටි සමයේය. ඔවුන්ගේ අල්ලේ නටවන ශ්‍රී ලංකාව තුල මේ වන විට ඇතිව තිබෙන්නේ ඔවුන්ව පලවා හැරීමේ මහජන අරගලයයි. තවමත් ඒවා නොතේරුම් ගැනීමෙන් සිදුවන්නේ ඉදිරිය තව දුරටත් ඔවුන්ට භයානක බවය.
තර්ජනයට පාදක වූ වීඩියෝව