තිලිනි ප්‍රියමාලි විසින් ලෝක වෙළද සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ආයෝජන සමාගම පිලිබදව මුල් අවස්ථාවේ සිට වැඩිම අනාවරන ප්‍රමාණයක් කළේ ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනය.
පසුගියදා ‘ටෘත් විත් චමුදිත” වැඩසටහන කෙස් කෙලින් කරන තවත් අනාවරනයක් කළේය. තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ බව ටෘත් විත් චමුදිත’ වැඩසටහන හෙළි කළේය. ඔවුන් මේ බව හෙලිදරව් කළේ සාක්ෂි සහිතව බව එම වීඩියෝ පටය නැරඹුුුවහො ඔබට ද අවබෝධ වනු ඇත.
එම හෙළිදරවත් සමග කීර්ති රත්නායක වෙත මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඔහු පීඩාවට පත්කරන ආකාරයේ දුරකථන ඇමතුම් ගලා එමින් පවතින බවත් මේ වන විට වාර්තා වී ඇත.
මේ වන විට ” ටෘත් විත් චමුදිත ” යූ ටියුබ් නාලිකාවට සහ මුහුණු පොතේ පිටුවට පාඨක ප්‍රතිචාර දහස් ගණනක් ලැබී ඇත. ඒවා සියුම්ව විශ්ලේෂණය කිරීමේදී ඒ තුල චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක ඉලක්ක කොටගත් මෙහෙයුමක් හඳුනාගත හැකි බව ද සඳහන් වේ.එමෙන්ම එම මෙහෙයුම දියත්කොට ඇත්තේ ජවිපෙ කාඩරයන් විසින් බවත් ඔවුන් සිය කැම්පේන් එක තුලින් කරුණු කිහිපයක් අවධාරණය කරන බව හදුනාගත හැකි බවද වැඩිදුරටත් වාර්තා වී ඇත.ඒවා නම්,
- චමුදිත සහ කීර්තිගේ අභිලාෂය ජවිපෙට මඩගැසීම බව පැවසීම
- ජවිපෙට විශාල ජනතා ප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බවත් චමුදිත සහ කීර්ති දේශපාලන මඩ කොන්ත්‍රාත් එකක් ඉටුකරන බව පැවසීම
- ජවිපෙ රටේ බලය ලබා ගැනීමට සූදානම් බැවින්, ඔවුන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුය යන පණිවිඩය ලබා දීම
- ජවිපෙට එරෙහි සියළු විවේචන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ ලෙස ලෙස පෙන්වා දීම
ජවිපෙ දේශපාලන ප්රවාහයට අවතීර්ණ වූ දින සිට අද දක්වා රටේ සෑම පක්ෂයක්ම නිර්දය ලෙස විවේචනය කරයි. ජවිපෙයට අනුව ඔවුන් හැර අනෙක් සියළු දෙනාම හොරුන්, වංචාකරුවන්, සහ අපරාධකරුවන් ය. ජවිපෙ සිය දේශපාලනය සඳහා ප්‍රධාන මූලෝපාය 3ක් භාවිතා කළේය . - ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දේශප්‍රේමය
- අධිරාජ්‍යවාදී බිල්ලන් මැවීම
- ත්‍රාඩ භාවිතාව
2005දී රාජපක්ෂලා, ඉහත මූලෝපාය ජවිපෙන් සොරකම් කළේය. ඉන්පසු රාජපක්ෂලා මැතිවරණ දිණුවේ එම මූලෝපාය භාවිතා කරමිනි. ජවිපෙ භාවිතාව සහ රාජපක්ෂ භාවිතාව එකම කාසියේ දෙපැත්ත මෙනි.
කීර්ති සහ චමුදිත වැනි මාධ්‍යවේදීන් රාජපක්ෂ පාලනය තුලදී දැඩි පලිගැනීම වලට ලක්විය.මොවුන් දෙදෙනා නිතර සී.අයි.ඩී ය වෙත කැඳවූයේය . ඇතැම්විට සිරගතවීමට පවා සිදුවූ බව ජනතාව දන්නා කරුණකි.
කෙසේ නමුත් මෙසේ දිගින් දිගටම මාධ්‍යවේදීන්ට සියය මාධ්‍යකරණය නිදහසේ සිදු කිරීමට ඉඩ ලබා නොදී බලපෑම් සිදුකළ හොත් ඉන් අපකීර්තියට පත්වන්නේ ද එසේ බලපෑම් සිදු කරන පුද්ගලයන්ම බව අවබෝධ කරගත යුතුව ඇත.එමෙන්ම මොවුන් සිදු කරන මෙවැනි ක්‍රියාවලින් මාධ්‍යවේදීන් දිගින් දිගටම එවැනි පුද්ගලයින් ඉලක්ක කරමින් ඔවුන්ගේ ක්‍රියාකලාප අඛණ්ඩව සමාජයට පෙන්වා දීම වළකාලිය නොහැකි වනු ඇත.
මාධ්‍ය නිදහසට උපරාමයෙන් ගරු කරන රටක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම රටට මෙන්ම රටේ පාලක පන්තිය ද එතරම් සුබදායක කරුණක් නොවනු ඇත.මහත් කීර්තියක් දිනාගෙන තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිරූපයට ද දැවැන්ත හානියක් සිදුවීම මෙසේ මාධ්‍ය නිදහසට බාධා කිරීම තුළින් සිදු නොවේ යැයි කිසිවෙකුටත් කිවනොහැක.එබැවින් සියලුදෙනාම හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සීමා කළ ද ගෝලීය මාධ්‍යකරණය නොනවතින බවයි.
එක් රටක මාධ්‍ය නිදහස අවහිර කළත් ඒ රට නියෝජනය කරමින් වෙනත් රටවල ජීවත්වන එරට වැසියන් තම මවුබිම වෙනුවෙන් නිදහසින් මාධ්‍යකරණය නියලෙනු ඇත.එය තවමත් මෙරට සමහර දේශපාලඥයන් මෙන්ම ඇතැම් දූෂිත ආරක්ෂක අංශ නිලධාරීන් හෝ අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන් තේරුම්ගෙන නැත.