“මානව හිමිකම් කොමිෂම සුදු අලියෙක් . මම මෙතන ගිනි තියාගන්නවා” (වීඩියෝ සහිතයි.)

මහනුවර මැණික්හින්නේ පදිංචි ඩීමන් ආනන්ද මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඉදිරියේ විරෝධතාවයක නියැලෙමින් , අවුරුදු 15 ක් ගතවීත් තමන් ඉදිරිපත් කල පැමිණිල්ලට නිර්දේශ ලබා නොදුන් බව පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කරමින් උදෑසන 8.30 සිට දහවල් 12.30 වන තෙක්ම එම ස්ථානයේ විරෝධතාවයක නියැලෙමින් සිටි අතර එම පැමිණිල්ල පිලිබඳව නිදේශයක් ඉදිරිපත් කිරීමට අදාළ ලිපියක් ලබාදෙන බව පැවසු නමුත් පසුව එය ලබා නොදුන් බැවින් ඔහු එම ස්ථානයේ බිම වාඩි වී විරෝධතාවයේ නියැලිනි. පසුව එයට අදාළ ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ලබා දෙන බව පැවසූ පසු ඔහු විරෝධතාවය අවසන් කරන ලදී.

ප්‍රදීප් නිලංග දෑල විසින් දළදා කරඩුවේ රත්තරන් උණු කල බවද, කුඩා ගැහැණු ළමයෙකු දූෂනය කර මරා දැමු බවද , ප්‍රදීප් නිලංඟ දෑල නිලවරණයේදී චන්දය ලබා ගැනීම සදහා ලක්ෂ 10 බැගින් අල්ලස් ලබා දුන් බවද,  මහනුවර පොලිසියේ නිලධාරීන් ඒවා යට ගැසූ බවද , ගැහැණු ළමයා දූෂනය කර මරා දැමු බව ප්‍රසිද්ධ කල හිමි නමක් ඔවුන් විසින් මරා දැමු බවද ප්‍රකාශ කරන ලදී.

මානව හිමිකම් කොමිෂම ඉදිරියේ බිම වැඩි වී උද්ඝෝෂණයේ නියැලෙමින්

සංස්කාරක සටහන

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම තුලින් බොහෝ දෙනෙකුට යුක්තිය ඉටු වී නැත. එම ආයතනය හුදෙක් සුදු අලියෙක් බව බොහෝ දෙනෙකු පවසයි. එහි  පරිපාලනය තුලින් සිදුවන විවිධ අකටයුතුකම් හේතුවෙන් එහි සේවය කරන නිලධාරීන්ම මානව හිමිකම් කොමිෂමට නින්දා අපහාස කනගාටුවකි. අවුරුදු ගණනවක් පුරා ඒ අයුරින් නිසි ලෙස විභාග නොවූ විස්තර සහිත පැමිණිලි ගණනාවක් අප සතුව තිබෙන නමුත් නීතිමය වශයෙන් ඒවාට අභියෝග කිරීම හෝ විවේචන ඉදිරිපත් කිරීමට අයිතියක් නැත. නමුත් මානව හිමිකම් සුරැකීම කලයුත්තේ පවතින රජයන්ට හෝ දේශපාලන වුවමනාවන් මත නොවේ. තමන්ගේ ප්‍රශ්න

Exit mobile version