මානව හිමිකම් නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාරයට. වසන්ත මුදලිගේ ගැන සොයා බලයි.

මානව හිමිකම් කොම්සම් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම් කරු වසන්ත මුදලිගේ හමුවට ගොස් ඔහුගේ තත්වය සොයා බැලූ බව වාර්තා වේ.

ඊයේ (11) එම නිලධාරීන් කණ්ඩායම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු සිටි ස්ථානයටම ගොස් ඔහුගේ තත්වය සොයා බැලීමටයි කටයුතු කර තිබෙන්නේ.

මේ සදහාශ්‍රී ලංකා මානව හිමිකම්කොමිසම් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාද එක්වසිටි අතර  මානව හිමිකම්  කෝමිසම් සභාව මගින් ක්‍රියාත්මක කරන වධ හිංසා වැළක්වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ක්‍රියාත්මක කර තිබේ.

Exit mobile version