මානව හිමිකම් නීති මගට.

තම කොමිසන් සභාවට  අගෞරව වන පරිදි අපහාස කිරීම  තම කොමිසන් සභාව ලබා දුන්   විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම යන හේතුන් මුලක් කර ගනිමින්  අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල  කප්පාදුවකින් තොරව විදුලිය  ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.

 ඒ අනුව ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කොට ඇති බව වාර්තාවේ.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇත්තේ  නීතිපතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එස් ඉලංගකෝන් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම් පී ඩී යූ මාපා පතිරණ බවද මානව හිමිකම් කොමිසම පවසා ඇති බව වාර්තාවේ.

Exit mobile version