අද (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයට සමාරම්භක සැසියට ඉදිරිපත් කර ඇත.
මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවයි එම වාර්තාවෙන් ඇය පෙන්වා දී ඇත්තේ.
තව ද, ආයතනික වශයෙන් වෙනස්කම් කිරීම, ප්රජාතන්ත්රවාදයේ සහ ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ වැදගත් බවත් ඇය මෙහි දී පෙන්වා දෙන ලදී.
එමෙන් ම ඇය සභාගත කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ විශේෂයෙන් වැරදිකර ඇති අයට නිසි දඬුවම් ලබා දීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන ආයතනවල ස්වාධීනත්වය ඇතිකළ යුතු බවයි.
විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අගෝස්තු මස 18 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම කණගාටුවට කරුණක් බව ද ඇය පැවසීය.