පසුගිය ඉරිදා දිනයේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාවයක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.
කෙසේ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධානය යොමු කරමින් පොලිස්පති වෙත දැනුම් දී ඇත්තේ එම විසුරුවා හැරීම සිදුකරන ලද්දේ කුමන පදනමක් මතද යන්න පැය 24ක් ඇතුළත දී වාර්තාවක් සකස් කර එම කොමිසම වෙත ලබා දිය යුතු බවට යි.
09 වන ඉරිදා දිනයේ කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද විරෝධතාවය සහ සැමරුම පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කරන ලද අතර මේ වන විට එම විසුරුවා හැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.