පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 81 මයික්කුලම ප්රදේශයේ පුද්ගලයෙකි.
මාමණ්ඩිය ඝාතනය කිරීමෙන් පසුව සැකකරු ඖෂධ පෙති වර්ගයක් පානය කර හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවට පොලිසිය කියයි.
මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන හලාවත පොලිසිය සිදු කරනු ලබයි.