මාරක අනතුරු ඉහළට.

මේ වසරේ මුල් මාස 4 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 709 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි ආශ්‍රිතව බවයි.

“2023 වසරේ අප්‍රේල් මාසේ 30 වනදා වන විට මුළු අනතුරු සංඛ්‍යාව 8,202ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මාරක අනතුරු 667 වෙලා තියෙනවා. ඒ මාරක අනතුරුවලින් පුද්ගලයින් 709ක් මිය ගිහින් තියෙනවා. බරපතළ අනතුරු 2,160ක් සිද්ධවෙලා තියෙනවා. සුළු අනතුරු 3,201ක් සිද්ධවෙලා තියෙනවා. විශේෂයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ගත්තොත් වැඩිපුරම මියගිහින් තියෙන්නේ යතුරුපැදිකරුවන්. මියගිය පුද්ගලයින් 709 න් 220ක් යතුරුපැදිකරුවන් ඒ වාගේම මගීන් 102ක් ඉන්වා. පදිකයින් 179ක් ඉන්නවා. මේ මාරක රිය අනතුරුවලට වැඩිපුරම හේතුවෙලා තියෙන්නේ යතුරුපැදි. දෙවෙනියට වැඩිපුරම අනතුරු සඳහා මූහුණ දීලා තියෙන්නේ ත්‍රීරෝද රථ. මේ අනුව පෙනී යනවා වැඩිපුරම මාර්ගයේ සිදුවන අනතුරුවලින් සිදුවන්නේ යතුරු පැදි සම්බන්ධ අනතුරු සහ ත්‍රීරෝද රථ සම්බන්ධ අනතුරු කියලා. ඒ නිසා මේ යතුරුපැදිකරුවන් ඒ වගේම ත්‍රීරෝද රථ රියදුරන් මාර්ගයේ ධාවනය කිරීමේදී රථ වාහන නීතියට ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා.”

Exit mobile version