ත්රිකුණාමලය මහනුවර ප්රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි .
වෑන් රථය හබරන සිට කින්නියා දෙසට ධාවනය වෙද්දි ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි පැටවු ටිපර් රථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබු දෙදෙනකු කන්තලේ රෝහලෙන් ප්රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තුවාල ලැබු ටිපර් රථයේ රියදුරා කන්තලේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව සදහන් .
මියගිය කාන්තාව කින්නියා පදිංචි 37 වියේ පසුවන අයකු වන අතර මළ සිරැර පශ්චාත් මරණ පරික්ෂණය සදහා කන්තලේ රොහලේ මෘත ශරිරාගාරයේ තබා තිබේ.