ආණමඩුව ලබුගල ප්රදේශයෙදී අද(25 ) සිදුවු මාරක රිය අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බවට ආණමඩුව පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචි 38 හැවිරිදි යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන් වරයකු වන ජීවක සෙනවිරත්න නැමති නිළධාරීයකු හා ඔහුගේ පුතු වන මනුජය ප්රභාෂ්වර නැමති දස හැවිරිදි දරුවෙකි.
මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත්තේ මිය ගිය යුද හමුදා නිළධාරියාගේ බිරිඳ බවට පොලීසිය පවසා තිබේ.
මිය ගිය යුධ හමුදා විශේෂ බලකා නිළධාරීයා තම පුතු හා බිරිඳ සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ලබුගල රජමහා විහාරස්ථානය ඉදිරිපිට නවතා තිබු දැව ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටි ඇති බව වාර්තා වේ.