ඩෙංගු මර්දන ඒකකයේ වාර්තාවන් වලට අනුව මෙම වසරේ ජනවාරි දෙවන සතිය තුල ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී තිබේ. මෙසේ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ මෙම මස 09 වන දා සිට 15 වන දින දක්වාය.
ඒ අනුව කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 452ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවද එය බව වැඩි දුරටත් එම වාර්තාවේ සදහන් කර තිබේ. .
අනෙකුත් දිස්ත්‍රික්කයන්හි වාර්තා වන ඩෙංගු රෝගීන් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 417ක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 257ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 123ක් කල්මුනේ ප්‍රදේශයෙන් 107ක් , යාපනය දිස්ත්‍රික්කයෙන් 103ක් ක්වේ . ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වාර්තා අනුව 2023 වසරේ ගත වූ කාලය තුල වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4172ක් බව නිවේදනය කර සිටි.